මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Gharial’ නෞකාව දිගින් මීටර 124.8 හා 170 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් සුනිල් එස් පටිල් (Sunil S Patil) කටයුතු කරනු ලබයි.
‘INS Gharial’ නෞකාවේ අණදෙන නිලධාරී සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අතර නිළ හමුවක් අද (2022 අප්‍රේල් 29) පස්වරුවේ බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇත. මෙම නිළ හමුවේදී, ‘INS Gharial’ නෞකාව මඟින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් නිළ වශයෙන් භාරදීමටද නියමිතව ඇත.
තවද, ‘INS Gharial’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් අනතුරුව, එම නෞකාව 2022 මැයි මස මස 01 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.