අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී (30)පැවති සාකච්ඡාවක් සඳහා එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය පොහොර වලින් කොටසක් රජය මඟින් ආනයනය කර කඩිනමින් ගොවීන්ට ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවයි.
එමෙන්ම මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර සම්පූර්ණයෙන්ම ලබා දීම සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු සලසා ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
පුද්ගලික අංශය විසින් පොහොර ආනයනය කොට අධික මිලකට අලෙවි කිරීම තුළ ගොවීන් මුහුණ පාන ගැටලු සඳහා පිළියමක් ලෙස රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායී හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු සලසන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය. මෙම ක්‍රියාමාර්ගය තුළින් වෙළෙඳපොලේ රසායනික පොහොර මිල අඩු වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පොහොර ආනයනය කරනු ලබන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පොහොර මිල තීරණය කිරීමේ දී ගොවියාට කිසිදු අසාධාරණයක් නොවනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, පොහොර ලේකම් කාර්යාල නිලධාරීන් හා පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් එක්විය.