අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම නව ලියාපදිංචි කිරීමේ තත්ත්ව පරීක්ෂා කිරීම් දින තුනක් අතුළත ලබාදීමට පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා කීය. ඕනෑම අවස්ථාවකට විකල්පයකට යෑමට සූදානම් බව කී අමාත්‍යවරයා, දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවාහනය කිරීම සම්බන්ධව ඉදිරි පියවර සාකච්ඡා කිරීමට හෙට (03) දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
ඉන්ධන බෙදාහරීම ගැටළුව ඉදිරි දින තුන තුළ යථාතත්ත්වයට පත් කරගැනීමට හැකි බවද මේ අවස්ථාවේ ජනතාව වෙත කණගාටුව පල කරන බවද අමාත්‍යවරයා පැවසීය.
බවුසර් හිමියන් සිදු කරන සියයට 115%ක ගාස්තු වැඩි කිරීම වෙනුවට ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළ සියයට 84%ගාස්තු සංශෝධනයට එකඟ නොවූ බවත් යම් මැද තැනකට පැමිණෙන ලෙස ඔවුන් දැනුවත් කළ බවත් එහෙත් සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා, මේ හේතුවෙන් රජයට චෝදනා කිරීම අසාධාරණ බවද අමාත්‍යවරයා කීය. මේ තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා නොකරන බවුසර් රථවල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවද පවසීය.
ඒ අනුව නව බවුසර් සඳහා නව බලපත්‍ර ලබා ලබාදීමට පියවර ගෙන තිබෙන බව ද ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ බවුසර් සඳහා ඉන්ධන ලබාගනීමට තිබෙන බාධා ඉවත් කර අද සිට මුතුරාජවෙල වෙනම ගැන්ට්‍රි යොදවා තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.