අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති, රජයේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි වැඩසටහන් විෂයය කොටගත් ‘ආර්ථිකයේ අද සහ හෙට: ඇත්ත ඇති සැටියෙන්’ මාධ්‍ය සංවාද මාලාවේ පළමුවැන්නට එක්වෙමිණි.
ඊළඟ ඉන්ධන ඇණවුම එනතෙක් රටට අවශ්‍ය ඉන්ධන තොග පවතී. සෑම දින 4ක්-5ක් ඇතුළත ඉන්ධන තොග රටට පැමිණෙන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පමණක් හිඟයක් තිබේ. වැඩි ඉල්ලුමක් පවතින ඔටෝ ඩීසල් හා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වැඩි වශයෙන් බෙදාහැර ඇත. මේ වන විටත් වරාය ආසන්නයේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් තොග රැගත්නෞකාවක් ගොඩබෑම ආරම්භ කරන තෙක් නැංගුරම් ලා ඇත. පසුගිය සිකුරාදා(29) සිට ඔටෝ ඩීසල් හා සුපර් ඩීසල් තොගයක් ගොඩබෑම ආරම්භ කරනු ලැබීය.
විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමට අනුව අවශ්‍ය ඉන්ධන තොග විදුලි බල මණ්ඩලයට නිකුත් කර ඇත. ඉන්ධන තොග බෙදා හැරීමේදී රජයේ ඉන්ධන ටැංකි, ඉන්ධන පිරවුම්හල හිමියන්ගේ ටැංකි සහ
අංශයේ ටැංකි යොදාගන්නා අතර පෙර ගත් තීරණයකට අනුව ඊයේ කම්කරු දිනය නිසා ඉන්ධන බෙදා හැරීම සීමා කර තිබිණි.
දුම්රියෙන් 40%ක පමණ ඉන්ධන ප්‍රවාහන කෙරෙන අතර එය තවත් පුළුල් කිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය කර එමගින් ඩිපෝ සඳහා අවශ්‍ය සියලු ඉන්ධන තොග ප්‍රවාහනයට තීරණය කර ඇත. කොලොන්නාව හා මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණ වලින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ඉන්ධන ටැංකි වලට ඉන්ධන නිකුත් කිරීමට තෙල් බෙදා දීමේ
පර්යන්ත වෙන් කර ඇත. මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකි වූ නව ඉන්ධන ටැංකි සඳහා ඛනිජ තෙල් තොග බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ ප්‍රවාහන මිල ගණන් වලට බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර නිකුත් කිරීමේ කාලය අඩු කරනු වස් පැය 24 පුරාම සේවා සැපයුම් පවත්වා ගැනීමට තීරණය කර ඇත. සතියක් ඇතුළත නව බලපත්‍රයක් ලබා ගත හැකි වනු ඇත.