අද (03 )රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අද අපේ රටේ ඇති වී තිබෙන, මෙම ආර්ථික දුෂ්කරතාවය මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය බවත් රජයට ලැබෙන ආදායම් අහිමි වීම, විදෙස් සංචිත ශක්තිමත් කිරීමට ඇති ගැටළුකාරී තත්වය වැනි කරුණු මීට හේතු වූ බවත්අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරය,කොවිඩ් ව්‍යසනය සහ ඉන් පසු ලෝකය පුරා සැපයුම් ජාලයට ඇති වූ බලපෑම හේතුවෙන් භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහල ගිය බවත් ඒම කරුණු මෙම ආර්ථික අර්බුදයට බලපෑ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ලෝක බැංකුව ලබා දුන් මූල්‍ය පහසුකම් ඇසුරෙන් ඉදිරි මාස තුනේදී ජනතාවට මෙම සහනාධාර ලබා දීමට රජය කටයුතු කළ බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
දැනට කාණ්ඩ 04කට අයත් පුද්ගලයන්ටරජය මගින් විශේෂ දීමනාවක් ලබා දෙයි. වැඩිහිටි , ආබධිත දීමනාව , වකුගඩු සහ සමෘද්ධි දීමනාව ලබන පුද්ගල කාණ්ඩයන්ට අමතරව ඒම දීමනාව සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් සිටින බවත් ඒම පුද්ගලයන්ටද ඒළඹෙන මාස තුන් සඳහා මෙම මුදල ලබා දීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා , දැනට ලැබෙන රුපියල් 2000 වැඩිහිටි දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් , වයස අවුරුදු 100ට වැඩි පුද්ගලයන් සඳහා දැනට ලැබෙන රු පියල් 5000 රුපියල් 2000 දක්වා වැඩි කිරීමටත් කටයුතු යොදා ඇත. දැනට පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් සඳහාද රුපියල් 5000ක දීමනාව ලබා දෙයි. ආබාධිත පුද්ගලයන් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව රුපියල් 7500 දක්වා වැඩි කෙරේ. පොරොත්තු ලේඛනයේ සිටින අබාධිත පුරවැදියන්ටද රුපියල් 5000 දීමනාව ලබා දෙයි. වකුගඩු රෝගින්ට දැනට ලැබෙන 5000ට අමතරව තවත් රුපියල් 2500ක මුදලක් ලබා දෙයි.පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටද රුපියල්5000ක දීමනාව ලබා දෙයි.
දැනට ලැබෙන සමෘද්ධි දීමනාවද රුපියල් 1500 ට තවත් රුපියල් 3100ක දීමනාවක් ලබා දීම, රුපියල් 3200ට තවත් රුපියල් 3100ක් ලබා දීම, රුපියල් 4500 තවත් රුපියල් 3000ක් ලබා දීමට කටයුතු යොදා ඇත. පොරොත්තු ලේඛනයේ සිටින තවත් පවුල් 7,32000ක් සඳහා තවත් රුපියල් 5000ක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය..