ඒ මහතා මේ බව කියා සිටියේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ගේ පැනයට පිළිතුරු වශයෙනි.
ගලුමුවදොර පිටියේ පැවැත්වෙන සාමකාමී විරෝධතාවයෙන් මතුවන විවිධ අදහස් අතරේ එම සාමකාමී උද්ඝෝෂණය ඇතැමුන් වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, කවුරුන් හෝ තමන් ව බළල් අතක් ලෙස භාවිතා කිරීමට ඉඩ තිබේ ද යන්න පිළිබඳව ජනතාව විචාර බුද්ධියෙන් යුතුව සිතා බැලිය යුතු වන බවත් පැවසුවේ ය.
වත්මන් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව ජනතාවගේ මතය නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දී තිබෙන අතර ජනතාව විසින් කරන සාමකාමී විරෝධතාවයන් ජනාධිපතිවරයා විසින් කිසිසේත් තම බලය භාවිතා කරමින් නැවත්වීමට කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් එහෙත් ජනතාවට හිරිහැරයක් කරදරයක් සිදු නොකරන තුරු රජය එම අරගල වලට බාධා නොකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.