අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා අතර පසුගිය අප්‍රේල් 22වැනිදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් චීන යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීන රජය තීරණය කර තිබේ.
මීට පෙර පැවති දුරකථන සංවාදයේදී අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත්ය.
මෙම ප්‍රදානය පිළිබඳව දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දුෂ්කර අවස්ථාවේ චීන රජය මෙසේ ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය අගයකරමින් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතාට සහ චීන රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රණාමය පුද කර සිටියේය.
මෙම නවතම ප්‍රදානය සමඟ චීනය මෙම අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති ආධාරවල මුළු වටිනාකම චීන යුවාන් මිලියන 500ක් පමණ වන අතර එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76ක් වනු ඇත.