දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය ක්‍රමයන් නියෝජනය කරනු ලබන එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විශ්ව විද්‍යාලීය මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු දිවයිනේ සියලු පළාත් නියෝජනය කරනු ලබන පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විද්වත් හමුවේ දී පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය මගහරිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා දිවයින තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙලට අඳහස් සහ යෝජනා ලබාගැනීම සිදුකෙරිණි.
එහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ සාර්ථක පිළියම් වෙත ජනතාව නැඹුරු කරලීමත්, ඉපැරණි අත්බෙහෙත් ඇතුලු ප්‍රතිකාරයන් මන්ගින් ජනතාව නිරෝගී කරලීමත්, විශේෂිත රෝග සඳහා සුවිශේෂී හැකියාවක් දක්වන දේශීය වෛද්‍යවරුන් වෙත ජනතාව සමීප කරලීමෙන් ඉදිරියේ දී ජන ජීවිතය සුරක්ෂිත කරලීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු, තීරණ රුසකට එළඹිණි.
එම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සාගලා අබේවික්‍රම, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු විද්වත් පිරිසක් සහභාගී වී සිටියහ.