විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලව බව පැවසූ ඔහු එවැන්නක් භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ යුතු බව කියා සිටියේය. එය කථානායකවරයා භාර ගන්නේ නම් න්‍යාය පුස්තකයට ඇතුළත් කර වැඩ කරන දින 05ක් ගතවන තුරු එය විවාද නොකළ යුතු බවත්, ඒ අතරතුර එය කියවා බැලීමට මන්ත්‍රීවරුන්ට ඉඩ ප්‍රස්තාව සැලසිය යුතු බවද සභානායකවරයා පැවසීය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ (04 වන දින) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව 2022.05.05 හෝ 06 පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා ඉවත්වන බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් විමසු විට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, එවැනි තීරණයක් නොමැති බව 2022.05.04 පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා කියා සිටි බවයි.
මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අමාත්‍යංශ නිවේදනය සම්බන්ධයෙන් 2022.05.05 වන දිනද පාර්ලිමේන්තුවේ විවාද කරන බවද ඔහු කියා සිටියේය