මෙලෙස පාලන මිලක් නොදමන්නේ නැතිනම් තවත් සහල් මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව අවධාරණය කළ හෙතෙම පසුගිය දා සහල් වලට රුපියල් 220 ක පාලන මිලක් නියම කිරීමට නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කොට එකඟ වූ බව මෙහි දී පැවසුවේය.
එමෙන්ම, පාරිභෝගිකයාට වර්තමානය වන විට රට තුල තිබෙන ආර්ථික තත්ත්වය හමුවේ නාඩු කිලෝ එකක් රුපියල් 220 කට ගැනීම වුව ද ඉතාම දුෂ්කර වන බව දන්නා නමුත්, මෙසේ මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයා මෙන්ම සුළු හා මධ්‍යපරිමාණ සහල් නිෂ්පාදකයින් ද ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බව මෙහි දී පෙන්වා දුන්නේය. මක්නිසා ද යත්, නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වියදම් පිරිවැය අධික වන බැවිනි. ඒ හේතුව නිසා විට සහල් නිෂ්පාදකයින්ට ද මෙම පාලන මිල සාධාරණ නොවන බව ද, මේ හේතුව නිසා ගොවියා ද දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටීම නිසා ගොවියා රැක ගැනීම සඳහා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සහල් සඳහා වූ පාලන මිල සතොස සහ සුපිරි අලෙවිසල් වලින් ජනතාවට සහන වශයෙන් අඩු මිලට ලබ් දෙන සහල් සඳහා ක්‍රියාත්මක නොකෙරෙන අතර එම ලබා දුන් මිලටම සහල් අලෙවි කිරීමටත්, නාඩු, සම්බා සහ කීර සම්බා සහල් සඳහා මෙම මිල බලපැවැත් වේ. එමෙන්ම, සුදු කැකුළු සඳහා මෙම පාලන මිලක් නියම කර නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙම පාලන මිල යෙදවීමට හේතුව වන්නේ රජයට හිතවත් ඇතැම් සහල් නිෂ්පාදන කරුවන් උදෙසාය යන්න ඇතැම් මාධ්‍ය ආයතන වලින් පවසන කරුණු අසත්‍ය වන බවත් හෙතෙම පවසන ලදුව මෙසේ මිල ඉහල යාම සිදුවන්නේ මීට පෙර මිල පාලනයක් සම්බන්ධව සිදු කිරීමට කටයුතු කර නොමැති නිසා මෙන්ම, එවැනි මිල පාලනය කිරීමට නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවක් ද නොමැති බව සඳහන් කර සිටි රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල යාම වලක්වාගැනීම සඳහා පාලන මිලක් එකී භාණ්ඩ නිෂ්පාදන කරුවන් සමඟ ද සකච්ඡා කොට නියම කිරීමට කටයුතු කරනා බවත්, එම භාණ්ඩ ලැයිස්තුගත කිරීමට ද කටයුතු කරනා බවත් ප්‍රකාශ කළේය.
ජනතාව ඉතාමත් අපහසුවෙන් සිටිනා මොහොතක මෙම පාලන මිල ඉක්මවා සහල් විකිණීම සම්පුර්ණයෙන්ම තහනම් වන අතර පාලන මිලට අඩුවෙන් සහල් විකිණීමේ කිසිඳු ගැටළුවක් නොමැති බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩි.එම්.එස්. දිසානායක, සහ වී අලෙවි මණ්ඩලයේ උපසභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සහභාගී වූහ.