මැයි 04 දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න මහතා වෙත නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය
විසින් නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුභපැතුම් පිරිනැමීමෙන් පසු, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද කෙරිණි. අනතුරුව, සහෘද
නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.
1987 වර්ෂයේදී 17 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න මහතා , සිය වසර 34 කට අධික සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැළසුම්, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ කන්කසන්තුරය වරාය පහසුකම් සහ ආරක්‍ෂක නිලධාරි, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ කොළඹ වරාය පහසුකම් සහ ආරක්‍ෂක නිලධාරි, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.