මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවක් මඟින් යාපනය, සවුක්කාඩු මුහුදු තීරයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ උර 15ක් තුළ පාර්සල් 225ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 492ක පමණ තොගයක් සමඟ සැකකරුවකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයටගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 123 කට අධික වෙතැයි විශ්වාස කෙරේ. මෙලෙස නාවික හමුදා භාරයටගත් සැකකරු වයස අවුරුදු 20ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා වඩුක්කෝඩෙයි පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.