එම ධූරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය. සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.
නියෝජ්‍ය කථානායක ධූරය සඳහා රහස් ඡන්දය මේ වන විට ආරම්භ කර ඇති අතර එක් එක් මන්ත්‍රීවරයා විසින් ඡන්ද පත්‍රිකාවේ තම අත්සන සටහන් කරමින්බ් ඡන්දය ප්‍රකාශ කරමින් සිටී.ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය ඡන්දය ප්‍රකාශ කළේ ය