වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා පැවසුවේ කර්මාන්ත සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබා දෙන ලෙස කර්මාන්තකරුවන් විසින් ඉල්ලීමක් සිදු කර තිබූ බවත් යකඩ පමණක් නොව අනෙකුත් අමුද්‍රව්‍යයන්ද මීට ඇතුළත් බවයි.
ස්ථාවර නියෝග 27/2යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න 18ක් විමසීය. ඒම ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා පැවසුවේ ,
2020 වර්ෂයේදී ප්‍රථම වතාවට මෙරට ආර්ථිකය සෘණ 3.6ක් ලෙස සංකෝචනය වූ බවයි. කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රට වසා දැමීම මීට හේතු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා , එය රජයක් වශයෙන් පාලනයෙන් තොර වූ දෙයක් බව පැහැදිළි කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ එකිනෙකා වෙත ඇගිලි දිගු කරනවාට වඩා සියළු දෙනා ජාතික ප්‍රතිපත්තියකට එකග විය යුතු බවද අමාත්‍යවරයා කීය.
''අද වන විට ලෝකයේ ඉන්ධන මිල 138% වැඩි වී තිබෙනවා. එය ඩොලර් 38ට 40ට 50ට තිබූ බැරලය අද 110 දක්වා වැඩි වෙලා. විශාල පාඩුවක් රජයට දරන්න සිද්ද වෙලා තිබෙනවා. නමුත් රටේ ජනතාවගේ ජන ජිවිතය පවත්වාගෙන යාම සඳහා මෙම කටයුතු කරගෙන යනවා. මම ඊයෙත් කිවුවා . මෙය එකිනෙකාට ඇගිල්ල දිගු කරන ප්‍රශ්නයක් නොවේ.ඊට වඩා ඔබ්බට ගිය ජාතික ප්‍රශ්නයක්.''