පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය තේරී පත්වෙයි - ඡන්ද 148 ක්

    මැයි 05, 2022

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානයකවරයා වශයෙන් මන්ත්‍රී  රංජිත් සියඹලාපිටිය මහතා තේරි පත් වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

    ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද148ක් ලැබුණු අතර මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65ක් ලැබුණි.

    නියෝජ්‍ය කතානායක වරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විය. එහිදී මන්ත්‍රිවරු විසින් ස්වකීය අත්සන යෙදූ විශේෂ ඡන්ද පත්‍රිකාවක් මඟින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළේ ය.

    නියෝජ්‍ය කතානයක ධූරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය. සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

    ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා ඡන්දය විමසන බව කතානායකවරයා විසින් නිවේදනය කළේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya