මෙහිදී නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම යථා තත්වයට පත් කරන ඉදිරි දින 05 වෙනුවෙන් ජල විදුලි බලාගාර වලින් වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කිරීමට සහ ඉදිරි කළමනාකරණ වැඩසටහන පිළිබඳව තීරණය කරන ලදි.
ඒ අනුව නොරොච්චලෙ බලාගාරයේ දෝෂය ඉක්මනින් නිරාකරණය කරගැනීමට මෙන්ම නොරොච්චලෙ බිදවැටීම හමුවේ වුවද විදුලි කප්පාදුව දීර්ඝ නොකිරීම වෙනුවෙන් අවශ්‍ය කරන ජලවිදුලිය නිෂ්පාදනය වැඩිකිරීමට ප්‍රමාණවත් ජලය ලබාදීමට වාරිමාර්ග නිලධාරීන් එකගතාව පලකරන ලදී.
මෙම අවස්ථාවට මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඇතුළු, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යංශය සහ ආයතතන නිළධාරීන් සහභාගී වූහ.