එහෙත් ඩීසල් සම්බන්ධයෙන් යම් ගැටළුක් ඇති බවද , විදුලි කප්පාදුව අවම පැය ගණනක් පවත්වාගෙන යාම සඳහා ඩීසල් නිකුත් කිරීම සීමා සහිතව සිදු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹි බව අමාත්‍යවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ , නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීම සමග විදුලි බලය උත්පාදනය සඳහා ඩිසල් ලබා දීමට සිදුව ඇති බැවින් දෛනිකව ඩිසල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කර ඇති බවයි. මෙරට දෛනිකව ඩිසල් මෙට්ට්‍රික් ටොන් 4000ක් නිකුත් කිරීම මේ වන විට මෙට්ට්‍රික් ටොන් 1000-1,500ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. ඉන්දීය ණය ආධාර යටතේ නැව එළඹෙන මැයි 11 වෙනිදා මීළග ඩීසල් නෞකාව පැමිණීමට නියමිත අතර ඒබැවින් බැවින් ඩිසල් නිකුත් කිරීම සීමා කර තිබේ.
මේ වන විට ඉන්ධන ලබා ගැනීම සඳහා ඇති වී තිබෙන තදබදය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සිය කණගාටුව පළ කළේය. දින දෙක, තුන ඇති වී තිබූ දිගු ඉන්ධන පෝලිම් අවසන් කළ පසු , නැවතත් මෙවැනි ඉන්ධන පෝලිම් ඇති කිරීම, යම් සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක් බවට හඳුනාගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීය.