එමෙන්ම, ඉන්ධන සම්බන්ධව ගැටළුවක් තවමත් නොමැති බව සඳහන් කළ හෙතෙම ප්‍රමාණවත් ඉන්ධන තිබේ නම් කිසිඳු ගැටලුවකින් තොරව බස්රථ ධාවන කටයුතු ඉදිරි දිනවල දීත් සිදු වන බවත්, හෙට දිනයේ දී විරෝධතාකරුවන් විසින් බාධා කිරීම් සිදු නොකළහොත් හෝ එමඟින් බස්රථ ධාවන කටයුතු වලට දුෂ්කරතා ඇති නොවුනහොත් සුපුරුදු පරිදි බස්රථ ධාවනය කෙරෙන බවත් සඳහන් කළේය.
එමෙන්ම, අද පෙරවරුවේ (05) දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ද රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ, හෙට පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට බොහෝ දුම්රිය වෘත්තීය සංගම් සහභාගී නොවන නිසා මඟීන් වෙනුවෙන් ප්‍රමාණවත් දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවයි.
එපමණක් නොව ඇතැම් වෘත්තිය සමිති වැඩවර්ජනයට සහය දක්වන්නේ නැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියහ.
ඒ අනුව, විදුලිබල මණ්ඩලයේ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ලේකම් උමේද සෙනවිරත්න, පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් බන්දුල සමන් කුමාර, ප්‍රගතිශීලි සේවක සංගමය (ශ්‍රී.ල.පො.පෙ) සභාපති යසපාල කුමාරපේලි, දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනවිරත්න යන මහත්වරු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, හෙට නියමිත වැඩ වර්ජනයට සහාය නොදක්වන බවත්, වර්ජනය නිසා තවත් රට අකර්මණ්‍ය වන බවත්, ඒ අනුව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ස්ථාන වල වැඩවර්ජනය සිදු නොකරන බවත් ඔවුහූ මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ.