ලබන සඳුදා සිට ගොවින්ට ලබා දීමට ඇති වන්දි මුදල් ගෙවීම ආරම්භ කරන බවත් ,සෑම වර්ගයේ පොහොර සඳහාම සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ , රජයේ පොහොර සමාගම් විසින් මෙවර යල කන්නය සඳහා රසායනික පොහොර කොපමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ ද? දැනට කඩාවැටීමකට ලක්ව ඇති වී වගාවට හා අනෙකුත් බෝග වගාවන්ට එම පොහොර ලබා දීමට අපේක්ෂා කරන මිල කොපමණ ද? යන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි යල කන්නය සඳහා ගොවින්ට අවශ්‍ය කාබනික සහ දියර පොහොර මේවන විට ලබා දෙමින් සිටින ඇති බවයි.
ඒ අනුව අඩුවෙන නයිට්ට්‍රිජන් ප්‍රමාණය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙසේ ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.තවද ඉදිරියේදී පොහොර ආනයනය කරන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වාදෙන බවද ගොවියාට අසාධාරණයක් නොවන පරිදි පොහොර මිල තීරණය කිරිමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා කීය.