මේ යටතේ පළාත් පාලන ආයතන වල සභා ක්‍රමවේදයන්, තින්දු හා තීරණ ගැන්වීම, ඵලදායිතාවය සංවර්ධනය කිරීම හා අභියෝග ජය ගැන්වීම අරමුණ කර ගැණුනි. එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා කාන්තා නියෝජනය වැඩිකිරීම, කාන්තා අයිතිවාසිකම්, මානව හිමිකම් යන කරුණු පිළිබඳව ද එහිදී දැනුවත් කිරිමට මුලිකත්වය ගන්නා බව අමාත්‍යවරායා වැඩි දුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
අද වන විට ජනතාව තුල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පිළිබඳ පැහැදිම අඩුවක් වෙලා.ඒ නිසා ජනතාවට වග කියන මන්ත්‍රිවරයෙක් වෙන්න ඕනෑ. ප්‍රශස්ත නායකයකු බිහි කරන්න අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.ඒ තුළින් ජනතාවට ළගින් ඉන්න ගමේ නියෝජිතයා පුර්ණ වගකිව යුතු පුද්ගලයෙක් ලෙසත් නිරත්තරයෙන් ජනතාවගේ ගැටළු සොයා බලා විසඳුම් සැපයිය යුතු කෙනා ලෙසයි මම සළකන්නේ.ඒ නිසාම සියළුම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට අවශ්‍ය පුහුණුව,දැනුම ලබා දීමට මම කටයුතු කරනවා.