මෙම මානුෂීය ආධාර තොගය භාරදීමේ උත්සවය 2022 අප්‍රේල් 28වැනි දින සොකාර්නෝ හටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගපුර අපනයන ගබඩා ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනරාල්වරයා ඉන්දුනීසියාවේ සහ ආසියාන් හි ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මහත්මිය වෙත මෙම පරිත්‍යාගය භාර දුන්නේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ එරට කාර්යාලය, ඉන්දුනීසියාවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ සමාගම්වල නියෝජිතයන් සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා මගින් 2022 අප්‍රේල් 28 සහ මැයි 08 යන දිනවල මෙරටට ගෙන්වීමට නියමිතය.