පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    සිව්වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර

    මැයි 06, 2022

    කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නතේ සිව් වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අංශය නිර්දේශ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව දැනුම් දුන්නේ ය.

    ඒ අනුව දෙවන බූස්ටර් එන්නත (  සිව්වන මාත්‍රාව ) වයස අවුරුදු 60 ට වැඩි අය සඳහා සඳුදා සිට ලබාදීමට නිර්දේශ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    වයස අවුරුදු 20-60 අතර ඌණ ප්‍රතිශක්තිකරණය සහිත අයට එන්නත් මාත්‍රාව ලබාදිමට කටයුතු කෙරේ. වයස අවුරුදු 12-16 අතර දරුවන් සඳහා පලමු මාත්‍රාව ලබාදී තිබෙන බවත් දෙවැනි මාත්‍රාව ලබාදීමට නිර්දේශ කර තිබෙන බව ද අමාත්‍යවරයා දැනුම් දුන්නේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya