ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වූ එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් 2022.05.04 දින ඉදිරිපත් කරන ලද අමාත්‍යාංශ නිවේදනය පිළිබඳ අද (06) පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරය මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ , මෙතෙක් බලයට පැමිණි සියළුම ආණ්ඩු කරපු පවු මේ ආණ්ඩුවට ගෙවීමට සිදුව ඇති බවයි. රට තවත් ආගාධයට ඇද දමමින් , මහා මාර්ග වල අර්බුද ඇති කරමින් කරන මෙම අරගල වලට , මෙම දේශපාලන පක්ෂ වගකිව යුතු බවත් අමාත්‍යවරයා කීය.
විශ්ව විද්‍යාලයන්හි සිටින ආචාර්ය මහාචාර්යවරු දරුවන්ට වෛරය උගන්වන තත්ත්වයකට මේ රට අද පත්ව තිබෙනවා. අම්මල, තාත්තල කණකර උගස් තියා විශ්ව විද්‍යාලයට යැව්වත් ඒම ළමයි අද හැසිරෙන්නේ කොහොමද? ඒ ළමයින්ව කවුද මෙහෙයවන්නේ?ඊයේ බැරිවෙලා හරි රඹුක්කන සිද්ධිය වැනි සිද්ධියක් ඇති වූයේ නම් කවුද වගකියන්නේ?
ඊයේ සවස මම පාර්ලිමේන්තුවෙන් පිටවෙලා යද්දි සවස 5.30යි. මම දැක්කා පොලිස් නිලධාරින් බත් ඒක බිම තියාගෙන කනවා. ඒ කා වෙනුවෙන්ද.ජනතාවගේ සාමය ආරක්ෂා කරන්න ඇති වී තිබෙන තත්වය හමු වී මෙලෙස ඉවසිලිවන්තව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා පොලීසියට ස්තුති වන්ත වන බවද මහජන ආරක්ෂ ආමත්‍යවරයා ප්‍රකාශ කළේය.
.
ඔබ ඡන්දයෙන් පත් කරපු නියෝජිතයන් මෙතනට ඒන්නේ ඔබගේ ප්‍රශ්න ගැන කතා කරන්න.අනුනයක හාමුදුරුවෝ, කාදිනල් හිමි, මේ රටේ බුද්ධිමතුන්, නීතික්ඥ සංගමය ඇතුළු සෑම දෙනාම මෙරට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමට ඉල්ලීම් කර තිබෙනවා. .ඒහෙත් විපක්ෂ නායක හෝ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරු කිසිවෙක් රට භාර ගැනීමට කැමති නැහැ. කවුරු හරි මේ රට භාරගන්නවා කියා කිව්වොත් , අපි මේකෙන් අයින් වෙලා යන්න සූදානම්, ඒත් මේ අය මේක භාර ගන්න සූදානම් නැහැ,මේ අය කැමති තව තවත් රට ආගාධයට පත්වෙනවා නම්. කොවිඩ් ව්‍යසනය හමුවේ පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවට අවශ්‍ය සහණ ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කළ බව අමාත්‍යවරයා තම කතාවේදී පෙන්වා දුන්නේය.
කොව්ඩ් හැදුනම් ගෙදරට කෑම පාර්සලයේ යැව්වා, රුපියල් 5000/10,000/15,000 දුන්නා, ඒන්නත් දුන්නා, නේවාසිකව බෙහෙත් ලබා දුන්නා. විපක්ෂ නායකවරයා පසුගියදා ඉතා සංවේදීව කතා කළා. 77දී අපිත් මේ තත්වයන් මුහුණ දුන්නා. පුතෙකුට තිබුණ වේදනාව ඒතුමා කිව්වා. ඒදා මේ රටේ 60,000 - 70,000ක් තරුණයින් මැරුව, මිනිසුන්ව ටයර් සෑයවල් වල දමල මැරුවා.
රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔිනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා කීය
''අද ලොකු වගකීමක් තිබෙනවා 225ටම , අපේ වත්කම් විගණනය කරනව නම් විගණකාධිපතිවරයාටත් එම අයිතිය ලබා දිය යුතුයි. පර්මිට් එක ගන්න එක, වැටුප ගන්න එක, කැන්ටිමෙන් කන එක. මාධ්‍ය හරහා 225ම කෙරෙහි වෛරය ඇතිකර තිබෙනවා. ඒත් අපි අවුරුදු 05යි ඉන්නේ එහෙත් මේ රටේ රාජ්‍ය සේවකයෝ සෑමදාම එක තැන ඉන්නවා. ඉහළ නිලධාරින් දෙනාටම දෙනවා වාහන පර්මිට්,විශ්ව විද්‍යාල ආචාර මහාචාර්ය වරුන්ගේ වැටුප කොපමණද? ඒත් මිනිස්සු බනින්නේ අපිට විතරයි. මේක කිවුවම සමාජ මාධ්‍ය වලින් මට ගහයි. ඒත් සමාජ මාධ්‍යවල ගැහුවට මම හැලෙන මිනිහෙක් නෙවෛයි. මේ රටේ ජනතාවට හිතන්න දෙයක් මම කියන්නේ. අද ගිහින් බලන්න විශ්ව විද්‍යාල ඉස්සරහ. තිබෙන වාහන ගැන.ඒවායේ ඉන්න මහාචාර්ය වරුන්ට වගකීමක් තිබෙනවා දරුවන්ව නිසි මාර්ගයට යොමු කරන්න. ඔවුන්ට තියෙනවා දරුවන්ව නිසි මගට ගෙන්වීමේ වගකීමක්, දරුවන් වෙනුවෙන් පාඨමාලාව හදන්න. වෛරය පතුරවල මේක කරන්න බැහැ.මම දරුවො තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මම කැමති නැහැ මගේ දරුව පාරට බැහැල මිනිස්සුන්ව පාරට බැහැල වෛරවය අවුස්සනවට. මෙය දේශපාලන වශයෙන් බෙදෙන කාලයක් නෙවේ.අපි හැමෝම එකතු වෙන්න ඔින, රටක් වශයෙන් හිතන්න ඔින.අපි ඔක්කොම ඒකතුවෙලා කැපවීම් කරමු. මම කැමතියි ඇමතිකම් වලින් අයින් වෙන්න.විපක්ෂ නායකවරයාට මම ආරාධනා කරනවා මෙම අගමැතිකම භාර ගන්න. අනුරකුමාර සහෝදරයාට මම ආරාධනා කරනවා මුදල්ඇ මතිකම භාර ගන්න.අප ඒකතුවෙලා රටේ ජනතාවට විනිවිධ භාවයෙන් වැඩ කරමු. ඒතකොෙ මිනිස්සු අපට කියයි මුන් 225ම ඒකතුවෙලා රට ගොඩ දැම්මා කියලා