පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට  

    මැයි 07, 2022

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ.

    ඒ මහතා (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

     1960 වසරේ දී ප්‍රථම පන්තියේ සමාර්ථයක් සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් ජී.එච්. පීරිස් මහතා 1965 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබීය.

     සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පළමු පත්වීම ලද ඒ මහතා වසර 44ක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබේ.‍

     මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා ලොව විවිධ රටවල සිදුවන දේශපාලන වෙනස්කම් පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකි

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya