රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.
දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර, නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.
ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැළඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.