ජූනි 19, 2025
tami eng youtube  twitter facebook

    මියන්මාරයට නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනියි

    මැයි 07, 2022

    මියන්මාරය සඳහා නම් කළ අභිනව ශ්‍රී ලංකා තානාපති ජේ.එම්. ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා ( මැයි 02 වැනි දින) යැංගොන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

    සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවත්නා ථෙරවාදී බුදුදහම මත පදනම් වූ දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරට අතර ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේය.

    තානාපති ජානක බණ්ඩාර මැතිතුමා බහුවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත වෘත්තීය නිපුණත්වයක් විදහා දක්වා ඇත. වෘත්තියෙන් නීතීඥවරයෙකු වන ඒ මහතා, මහේස්ත්‍රාත්වරයෙකු, අතිරේක දිසා විනිසුරුවරයෙකු සහ පෞද්ගලික නීතිඥ මඩුල්ලක ජ්‍යෙෂ්ඨ නීති උපදේශකයෙකු ලෙස සේවය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළ එතුමා ශ්‍රී ලංකාවේ මහා භාරකාරවරයා, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති උපදේශක, අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා සහ පාර්ලිමේන්තු මහජන පෙත්සම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද සේවය කොට ඇත.

    තානාපතිවරයා ලෙස නම් කළ ජානක බණ්ඩාර මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇති අතර මෙම පත්වීම ලැබීමට පෙර නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස සේවය කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya