බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමන් මහතා, සෞඛ්‍ය අමාත්‍ය සහිඩ් මලේක් මහතා සහ බංග්ලාදේශ ඖෂධ කර්මාන්ත සංගමයේ (BAPI) සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නස්මුල් හසන් මහතා ඉදිරියේ බංග්ලාදේශ රජය විසින් ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මහතා වෙත මෙම පරිත්‍යාගය භාර දෙන ලදී.
බංග්ලාදේශයේ විදේශ ලේකම් මසුඩ් බින් මොමන් මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අබුල් බෂාර් මහතා, ඖෂධ පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මොහොමඩ් මහබුබර් රහ්මාන් මහතා, බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ. මෙම වෛද්‍ය සැපයුම් තොගය ඩකා-කොළඹ දක්වා දෛනිකව ක්‍රියාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ප්‍රවාහනය කරනු ලැබේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 50 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරන බැවින්, මෙම කර්තව්‍ය දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ