ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා, උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.
අග්‍රාමාත්‍යතුමා රුවන්වැලි මහ සෑය අභියස ආගමික වතාවත්වල නිරතවූයේ ඉන් අනතුරුවය.
ඓතිහාසික මිරසවැටිය විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍යතුමා එහි දී මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අග්‍රාමාත්‍යතුමා අනුරාධපුරයේ ආගමික වතාවත්වල නිරතවන අවස්ථාවේ එම පූජනීය ස්ථාන වැඳ පුදාගැනීමට ආ බැතිමත්හු අග්‍රාමාත්‍යතුමා අසලට පැමිණ සුහඳ කතාබහක නිරත වූහ.