ඔහු මේ බව කියා සිටියේ, වෙසක් මාසය නිමිත්තෙන් අවිස්සාවේල්ල සීතාවක විහාරස්ථාන රැසක දහම් පාසල් සඳහා ගුරු පුටු පූජා කිරීමේ අවස්ථාවන්ට (08 දින) එක්වෙමිනි. කහහේන ප්‍රේමානන්ද දහම් පාසල, අකරවිට- ලෙනවර රජමහා විහාරස්ථ ධම්මානන්ද දහම් පාසල, කොස්ගම ශ්‍රී සුදර්ශනාරාම ශ්‍රී සුදර්ශන දහම් පාසල, කඩුගොඩ පුරාණ විහාරස්ථ සුචරිතෝදය දහම් පාසලට මෙසේ ගුරුපුටු පූජා කෙරිණි.
අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මෙම පරිත්‍යාග සිදුකෙරුණු අතර, පා.ම. යදාමිණි ගුණවර්ධන, සීතාවක ප්‍රා. ස. සභාපති ජයන්ත රෝහණ, ප්‍රා ස. මන්ත්‍රීවරුන් වන සමන්ත ගමගේ හා එල්. නන්දකුමාර යන මහත්තුරු මීට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ජනතාව ආර්ථික අමාරුකම්වලට ලක්ව සිටින බවත්, ඒවාට සහන දීමේ අවශ්‍යතාව ප්‍රමුඛව පවතින බවත් පැවසීය. එමෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කම් තුළින් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ජනතාව අපේක්ෂා කරන බවත් එය පිළිගත යුතු බවත් කියා සිටියේය.