එම සංචාරයේ දී යුද්ධ හමුදාධිපති ප්‍රජාසත්කාර වැඩසටහන් රැසකට සහභාගී වූ අතර, එහිදී 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ‘Sports, Recreation and Education Support Park‘ උද්‍යානය විවෘත කිරීම සිදුකරන ලදී.
ඉන් අනතුරුව, මෙම අවස්ථාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් සිසු දරුවන් රැසක් වෙත පාසල් පාවහන් ප්‍රදානය කිරීමේ සත්කාරය සඳහා යුද්ධ හමුදාධිපති සහභාගී විය.
විශේෂයෙන්ම, මෙම සංචාරය තුලදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් කන්කසන්තුරේ, සංගිලි උතුරු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවස එම පවුලේ සාමාජිකයන් වෙත සංකේතාත්මකව ලබාදීම සිදුකරන ලදී.