පානීය ජලය ලබාදීම ඉලක්ක කරගත් උතුරු ජලසම්පාදන ව්‍යාපෘතිය මේ වන විට අවසන්ව ඇත. ඊට වැයකර ඇති මුදල රුපියල් මිලියන 12000 කි . මෙම ව්‍යාපෘතියට ජලය ලබා ගැනිමට නියමිතව ඇත්තේ මහ කනදරාව ජලාශයෙනි. මෙහිදී මෙම උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබා දිම සම්බන්ධව යම් ගැටුම්කාරි තත්ත්වයක් පැන නැගි තිබේ. මහ කනදරාව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතු සදහා සෘජුවම යොදවයි. ඒ අනුව වැවේ ජල ධාරිතාවය වැඩි නොකොට ජලසම්පාදන ව්‍යාපෘතියට ජලය ලබා දිම අවධානම් බව ගොවිසංවිධාන නියෝජිතයින් විසින් සඳහන් කිරිම ඊට හේතුවයි.
මහ කනදරාව වැව් බැම්ම අඩියක් පමණ උස් කොට ඒ එකතුවන ජලය මෙම උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ සදහා යොමු කිරිම සදහා කමිටුව තිරණය කර ඇත. මේ සදහා සියළු පාර්ශවයන්ගේ කඩිනම් සහයෝගය අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.
ජලසම්පාදන මණ්ඩලයෙන් සංවිධානය කර තිබූ මෙම රැස්වීමට කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. ඩී. මැදිවක, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය උතුරුමැද සහකාර සාමාන්‍යාධිකරී සුදත් රත්නායක, අනුරාධපුර සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.අයෝමි රත්නායක, ප්‍රාදේශිය ලේකම්වරුන් කිහිපදෙනෙකු හා මේ හා සම්බන්ධ රාජ්‍ය ආයතන වල නිලධාරින් හා ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගි වුහ.
DMU/Anuradhapura