පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාධිපති නිරීක්‍ෂණයට

    මැයි 10, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 මැයි මස 05 වන දින අත්අඩංගුවටගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ විදේශීය සැකකරුවන් හත් දෙනා (07) ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව මඟින් (2022 මැයි 09) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහභාගී විය.

    ඒ අනුව, කොළඹ වරායට රැගෙන ආ උර අටක් තුළ (08) පැකට් 220ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 243 ග්‍රෑම් 052 ක් පමණ (ඇසුරුම් බර සහිතව) බව තහවුරු කර ගන්නා ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4861කට අධික වෙතැයි විශ්වාස කෙරේ. මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, මේ සම්බන්ධ වැඩිදුර විමර්ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කරනු ලබයි.

    කොළඹ වරාය වෙත රැගෙන එන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ නැව් මුළුව අමතමින්, විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනිමින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සඳහා සිදුකළ සාර්ථක මෙහෙයුම සඳහා දායකවූ නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු සියළුම නාවික පුද්ගලයින්ගේ සේවය එහිදී ඇගයීමට කටයුතු කෙරිණි.

    තවද, මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව ඉදිරියටත් අඛණ්ඩව මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya