ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වෙයි.
''දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
'
ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලැබේ.''