මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.
රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කර ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ වගකීමක් යුතුකමක් බවත් එම කාර්යය ඉටු කිරීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබාදෙන ලෙස කනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
තවදුරටත් අඳහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා...
''හදිසි නීතිය පනවා තිබෙනවා .එම හදිසි නීතියත් ඇදිරි නීතිය තකන්නේ නැතිව,තරුණ කොටස් ගෙවල් ගිනි තියනවා.පහර දීම් සිදු කරනව.මිනී මැරුම් සිදු කරනව.දේපල කොල්ල කෑම් ආදිය සිදු වෙනවා. එය ඉතාම කකණගාටුදායක තත්ත්වයක්.සියලු ආගමික නායකයින්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, වර්තමාන රටේ තත්ත්වය අවබෝධකර දී,නීතිය සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමට අනුසාශනා ලබාදෙන ලෙස.
තවදුරටත් රටවැසියන් තලන්න පෙලන්න,දේපළ විනාශ කරන්න සැලසුම් කරනවා නම්,පොලීසියටත් ආරක්ෂක හමුදාවට සිදු වෙනවා,ඉතාමත් අකමැත්තෙන් වුවත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න . රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි තත්ත්වයක් ඇතිවන්නේ නැති නම් රටේ නීතිය තම අතට ගෙන කටයුතු කරනවා නම්,ප්‍රචණ්ඩත්වය රජ කරන අවස්ථවක් කරන්න උත්සහ කරනවා නම්,නීතිය තදින් ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.සිදු වූ හානිය ඇති, සිදු වූ තුවාල ඇති,මිය යෑම් ඇති,අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.සිදු කරන අරගල සමකාමීව කරන්න. ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරී අපගේ ලස්සන රටේ නම කැතකර ගන්නත්, ජන ජීවිතය නැති කරන්නත්, අවසානයේ අපට රටක් නැතිවන ලෙස කටයුතු කිරීම නවත්වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා '' යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.