පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙයි- විභාගය කල් දැමීමට කිසිදු හේතුවක් නෑ- විභාග කොමසාරිස් ජනරාල්

    මැයි 11, 2022

    එළඹෙන මැයි 23 වනදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

    අද(10) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ, විවිධ සමාජ මාධ්‍යයන්හි මෙම විභාගය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කෙරෙන බවයි.

     වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ , අදාළ විභාග ප්‍රවේශ පත්‍ර දරුවන් වෙත යැවීම සම්බන්ධයෙන් තැපැල්පතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවයි. ඒ් අනුව ඉදිරියේදී එම ප්‍රවේශ පත්‍ර දරුවන් වෙත යැවීමට කටයුතු කරනු ලැබේ.

    තමා මේ මොහොතේ  ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමග විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව පැවසූ විභාග කොමසාරිස්වරයා , ඊයේ දිනයේදී ද සියළුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමග විභාගය පැවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, අදාළ උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.ඒ් අනුව ඉදිරි සතිවලදී , අදාළ ප්‍රශ්න පත්‍ර නියමිත පරිදි එම මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමට කටයුතු කරනු ලැබේ.

     

    ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන සේවයේ සියළුම වෘත්තීය සමිති නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ , දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම විභාගය නියමිත පරිදි පැවැත්වීම සඳහා සහාය ලබා දෙන ලෙසයි. රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හේතුවෙන් 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි විය. දරුවන්ගේ අනාගතය ආපස්සට ඇද නොදමමින් , වසරක් ප්‍රමාද වූ මෙම විභාගය නියමිත පරිදි පැවැත් වීම සඳහා සහාය ලබා දෙන්නැයි වීභාග කොමසාරිස්වරයා සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya