වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ පුවත්පත් සාකච්ඡාව අද (11) ශ්‍රී ලංකා මහා බැංකුවේ දී පැවැතත් වූ අවස්ථාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, ව්‍යවස්ථානුකුල ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට හැකි ඉක්මණින් දේශපාලන ස්ථාවරත්වයකට පත්ව, රට පත්ව තිබෙන අරාජික බවින් මුදවා රට අරාජික වන වේගය තරමක මන්දගාමී කිරීමට හෝ හැකි වනබව හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.
එසේ දේශපාලන ස්ථාවරත්වයකට නොපැමිණෙන්නේ නම් ආර්ථිකය කළමණාකරණය කිරීමේ දී මහබැංකුව වශයෙන් මෙය තනිව සිදු කළ හැක්කක් නොවන බවත්, එසේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දී මහබැංකුව විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ග සාර්ථක නොවන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කර සිටියේය.
එමෙන්ම, මෙම සතියේ මෙරට සිදු වූ අවාසනාවන්ත තත්ත්වය නිසා මෙතෙක් ඉතා අසීරුවෙන් හෝ අත්කරගත් ප්‍රගතියේ දිශාව ක්‍ෂණයෙන් වෙනස්වෙමින් තිබෙන බවත්, රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති මෙම නවතම තත්ත්වය නිසා සාමකාමී අරගලකරුවන්ට සිදු වූ නීතිවිරෝධී ප්‍රහාරය දැඩි ලෙස පිළිකුලන් යුතු ව හෙළා දකින බවත්, ඊට පසු සිදු වූ සිදුවීම් ද අනුමත කළ නොහැකි ඒවා මෙන්ම, නිවාස ගිනිතැබීම්, මිනීමැරුම්, නීතිය අතට ගැනීම්, සහ එකී නිතිය හා සාමය කඩවන අවස්ථාවල දී නීති රාමුව යටතේ නිසියාකාරව කටයුතු නොකිරීම් හමුවේ කිසිසේත්ම රටේ ආර්ථිකය යථාතත්වයට පත් කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
ඒ අනුව, රටේ විදේශ විනිමය අර්බුදයක් පවතින විටෙක, අත්‍යවශ්‍ය දෑ සම්බන්ධව හිඟයක් තිබෙන විටෙක, රටේ දේශපාලන ස්ථාවරත්වය නොමැති වීම සහ නිතිය හා සාමය කඩවීම් හමුවේ රට අරාජික වන දේවල් ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් සිදු වුවහොත් මෙම පවත්නා තත්ත්වයට වඩා අසීරු අවස්ථාවන් ඉදිරියේ දී මහජනතාවට අත්විඳීමට සිදු වනු ඇතැයි මහාචාර්ය නනදලාල් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටී.
එහෙයින් කඩිනමින් දේශපාලන ස්ථාවර තත්ත්වයකට මෙම පවත්නා තත්ත්වය සමනය කිරීමට දේශපාලනමය වශයෙන් විසඳුමක් ලබා දිය යුතු බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටි.