ලේකම්වරයා මේ බව පැවසුවේ අද (11) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමිණි. වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා පැවසුවේ හදිසි නීතිය පනවා ඇත්තේ මහජනතාව තලා පෙලා දැමීමට හෝ දුෂ්කරතාවට පැමිණීමට නොවන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින ලේකම්වරය පැවසුවේ,
පැය 48ක් බලා සිට බැරම තැන තමයි අපි ඇඳිරි නීතිය පැනවූයේ. පසුගිය දින දෙකේදී රටේ ඇති වූ තත්වය ඉතාමත් භයානකයි. ගෝල්ෆේස් අරගල භූමියට පිරිසක් පැමිණීමත් සමග තමයි මෙම සිද්ධි ජාමය ඇති වූයේ. රජය, මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පොලීසිය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එම සිද්ධිය ආරම්භ කිරීමට මුල් වූ පුද්ගලයින්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ගෝල්ෆේස් සිද්ධියට පසු රට පුරා, සෑම දිස්ත්‍රික්කයකම එකවර ගිනි තැබීම් ඇතිවීම පුදුම සහගත සිද්ධියක්. දේශපානක්ඥයන්ගේ ගෙවල් ගිනි තැබීම, වාහන ගිනි තැබීම, සෑම දිස්ත්‍රික්කයකම එකවර සිදු වුණා. ඇතැම් දර්ශන සජීවීව මාධ්‍ය හරහා විකාශය වුණා පෞද්ගලිකවම අපේ මුළු තරුණ කාලයම කැප කරලා බේරගත් රට ලිබියාවක් වෙනවා දකින්න කැමති නැහැ.
මේ වන විට මෙම සිදුවීම මගින් , සිවිල් පුද්ගලයන් 07 දෙනෙක්, පොලිස් නිලධාරින් 02ක් ඇතුළුව, ජීවිත හානි 09ක් , තුවාල සිදුවීම් 219ක්,දේපළ හානි කිරීම් 136ක් , (සම්පූර්ණ නිවාස ගිනි බත් කිරීම්)රජයේ වාහන ඇතුළුව වාහන 41ක් ගිනිබත් කර ඇති බවත්, වාහන අලාබහානි කිරීම් 61, ක් සිදු වී ඇති බවද කීය.
මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට අකමැත්තෙන් වුවද යම් යම් තීරණ ගැනීමට සිදු වූ බව ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
ගෝල්ෆේස් අරගලයට ආරක්ෂක අංශවල කිසිදු මැදිහක් නොවූ බවත් ඔවුන් නිදහසේ සිය අරගලය ගෙන ගිය බවත් ඒහෙත් පසුව රට පුරා ඇති වූ තත්වය ඉතා කණගාටුදායක බවද කීය.දේශපාලක්ඥයින් වරදක් කර ඇත්නම් දඩුවම් ලබා දීමට අධිකරණ පද්ධතියක් ඇති බවත් අරලියගහ මන්දිරය ඉදිරියේ ඇති වූ තත්වය ආරක්ෂක අංශ විසින් පාලනය කළ බවද කීය.විශේෂයෙන්ම ඒම අවස්ථාවේ ගෝල්ෆේස් පිටියට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති වූ ප්‍රහාරයද කිසි ලෙසකින් අනුමත කළ නොහැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.
විපක්ෂ නායකවරයාට පහර දෙන්නත් ඇතැම් දේශපාලඥයින්ට නිදහසේ යන්නත් හැකි විමට නම් එතන වෙනත් අරුතක් ඇති බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
පැය 48ක් යන විට අපේ රට ලිබියාවක් බවට පත් වුණා.දේශපානක්ඥයන්ට පහර දී යට ඇඳුම් පිටින් දකින්නට ලැබීම ඉතා අව අවාසනාවන්ත තත්වයක් බව ලේකම්වරයා සඳහන් කළේය.පොලිසිය ඉන්නේ ඔබව මර්ධනය කරන්න නොවේ. ඔබට අවශ්‍ය ආරක්ෂාව සලසන්න . මෙහිදී පූජක පක්ෂයෙන් ලේකම්වරයා ඉල්ලා සිටියේ, මෙම අවස්ථාවේදී සිදු කරන ප්‍රකාශ පරිස්සමේන් සිදු කරන ලෙසයි