ජනාධිපතිවරයා අද (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.
ජනාධිපතිවරය සිය ප්‍රකාශයේ දී මෙසේද පැවසීය
ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා. පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ඉල්ලීම් ලැබි තිබෙනවා. පත්වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් පසු සියලුදෙනාම සමග සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සලසා දෙනවා'' යැයි පැවසීය.