මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළේය. ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර එහිදී සුහඳ කතාබහක නිරත වී ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව
කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර නිවේදනය කර තිබුණි.