ඊයේ (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමග (15) පැවති සාකච්ඡා වලදී සෞඛ්‍ය, පොහොර සහ ආහාර යන ක්ෂේත්‍ර සඳහා තවදුරටත් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
දැනට ඇති ප්‍රධානම ගැටළුව නම් , එළඹෙන සතිය සඳහා ඉන්ධන ලබා ගැනීම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා,බැංකුවල පවතින ඩොලර් හිඟය හේතුවෙන්, අනෙක් මාර්ග ඔස්සේ ඉන්ධන සඳහා අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද කීය.
21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඒම කෙටුම්පත සකස් කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
අද දිනයේ දී කැබිනට් මණ්ඩලය රැස් වීමට නියමිත අතර රටේ පවතින ආර්ථික තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ලබා දීමට නියමිත බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.