කෙටි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 මැයි 14 වැනි සෙනසුරාදා දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අභාවප්‍රාප්ත වූ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය සාතිශය සංවේගය පළ කර සිටියි.
අභාවප්‍රාප්ත කොන්සල් ජනරාල් හුළුගල්ල මහතාගේ දේහය, අදාල විධිවිධාන අවසන් වූ පසුව, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ