විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් , පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නියෝජ්‍ය කතානායකධූරය සඳහා යෝජනා කෙරුණු අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල්
පීරිස් මහතා විසින් අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කෙරිණි.
මෙම තනතුරට පත් කිරීම සඳහා ඡන්ද විමසිමක් සිදු කිරීමට කතානායකවරයා තීන්දු කළ අතර ඡන්ද විමසීමක් සිදු නොකර එකඟතාවයෙන් නමක් යෝජනා කරන ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරු ඉල්ලා සිටියේ ය.
මෙම අවස්ථාවේ නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ, ඡන්දයක් පැවැත් වුවහොත් අද දිනයේ දී තමන් ඇතුළුව තම මන්ත්‍රී කණ්ඩායම ඡන්දය දීමෙන් වැලකී සිටින බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ඡන්දයක් නොතබා නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගත යුතු බවත් ඡන්දයක් පැවැත් වූවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම ඡන්ද පත්‍රිකාව කටුගා දමන බවයි.
කතානයකවරයා විසින් නමක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට අවස්ථව ලබා දුන්නත් සභාවෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් නියෝජ්‍ය කතානයක ධූරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පියවර ගත්තේ ය.
මීට පෙර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඉමිතියාස් බාකීර් මාකර් මහතා සහ රංජිත් සියඹලාපිටිය යන මත්‍රීවරුන්ගේ නම් යෝජනා වූ අවස්ථාවේ දී ඡන්දයක් විමසීම සිදු කළ අතර එහිදි මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයට පත් විය. කෙසේ වෙතත්ත් පසුව ඒ මහතා නියෝජ්‍ය කතානයක ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ හේතුවේ පුරප්පාඩු වූ ධූරය සඳහා නියෝජ්‍ය කතානයකවරයකු පත් කරගැනීම අද සිදු කෙරේ