අද (17) පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයේ දී අජිත් රාජපක්ෂ මහතා ඡන්ද109ක් ලබාගත් අතර රෝහිණී කවිරත්න මහත්මිය ඡන්ද 78ක් ලබාගත්තේ ය.අවලංගු ඡන්ද සංඛ්‍යාව 23කි.
මීට පෙර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඉමිතියාස් බාකීර් මාකර් මහතා සහ රංජිත් සියඹලාපිටිය යන මත්‍රීවරුන්ගේ නම් යෝජනා වූ අවස්ථාවේ දී ඡන්දයක් විමසීම සිදු කළ අතර එහිදි මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරයට පත් විය. කෙසේ වෙතත්ත් පසුව ඒ මහතා නියෝජ්‍ය කතානයක ධූරයෙන් ඉල්ලා අස්විය.
ඒ හේතුවෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානයක ධූරය සඳහා අද (17) ඡන්දය විමසන ලදී