පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 හරියට හිටගත්තොත් මේ රටේ ජනතාව වෙනුවෙන් කළ හැකි යුතුකම් කොටස ඉටු කල හැකි යැයිද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
තමා නියෝජ්‍ය කථානායකවරයා වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව සිය ස්තුති කතාව කරමින් අජිත් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. තමා එම ධූරයට පත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්විමින් තමා එම ධූරයට පත් කර ගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුදකළ ඒ මහතා , මෙවැනි ඡන්දයක් පැවැත්වීම සඳහා තරගයකට යාමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවත් සමාජය තුළ ඒ සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වන බවත් පෙන්වා දුන්නේය. නමුත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභා රීති, ස්ථාවර නියෝග නිවැරදිව පිළිපැද්දොත් කිසිවිටෙකත් බෙදීමක් ඇති නොවන බවද නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.
අද වන විට ඇතැම් කණ්ඩායම් විසින් මහජන නියෝජිතයාට ඇති තැන නැති කර තිබෙනවා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් බෙදෙන්න ඔීන කාලයක් නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව කටයුතු කළ කාලයක් . අද විපක්ෂයේ අය ද මට හොරාට ඡන්ද දෙන්න කියපු අය සිටිනවා.
තමා මෙම දේශපාලන ක්ෂේත්‍රයේ වසර 25ක් ගත කර ඇති බවත් තම දැනුම ජනතා සේවයට යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. ම්ලේඡ අයුරින් පසුගිය දින කිහිපයේ සිදු වූ සිදු වූ සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිටි අහිංසක මන්ත්‍රීවරයෙක් මරා දැමුණු බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.