පසුගිය 9 වන දින දිවයින පුරා ඇති කළහකාරී සිදුවීම් හේතුවෙන් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 74 දෙනෙකුගේ ඇතුළු 80 කට සහ දේපළ රැසකට හානි වී ඇත.
මේ සම්බන්ධයෙන් ගෙනා සභාව කල් තැබීමේ යෝජනාවේ දී අදහස් දක්වමින් ඩී . වීරසිංහ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා පැවසුවේ,
අද පුද්ගලිකව අපට සිදු වූ දෙය හෙට පාර්ලිමේන්තුවේ තව කෙනෙකුට විය හැකියි. මගේ නිවසට ප්‍රහාර එල්ල කරන්න සැළසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. අද එම පක්ෂයේ සංවිධායකවරයෙක් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට අරන් තිබෙනවා. මගේ දෙමව්පියන් සහ මම ජීවිත කාලයේදීම එකතු කළ සියල්ල මගේ දරුවා ඉදිරියේ විනාශ කර දමනවා.
මේ සම්බන්ධයෙන් අද අත් අඩංගුවට ගෙන තිබෙන්නේ තරුණ දරුවෝ. මගේ ගේ ගිනි තියන්න එද්දි මගේ ගමේ ජනතාව ආව ගේ බේරගන්න. මේ රටේ තව දුරටත් දේශපාලනය කරනව නැද්ද කියන තීරණය මම ඉදිරියේදී ගන්නවා.
මේ සිද්ධිය සොයා බැලීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරිම් කාරක සභාවක් පත් කරන ලෙසත් මෙම සිද්ධිය නිසා අසරණ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් පළාත් පාලන නියෝජිතයින්ට නිසි වන්දි මුදලක් ලබා දෙන ලෙසද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියේය.