පසුගිය 9 වන දින දිවයින පුරා ඇති කළහකාරී සිදුවීම් හේතුවෙන් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 74 දෙනෙකුගේ ඇතුළු 80 කට සහ දේපළ රැසකට හානි වී ඇත. මේ සම්බන්ධයෙන් ගෙනා සභාව කල් තැබීමේ යෝජනා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රට ගැන කොන්දේසි විරහිතවය සහය දෙන්න එන ඔීනෑම පුද්ගලයකුට සහය දක්වන බවත් ඒ සඳහා අමාත්‍යධූර වුවද අත්හැරීමට සූදානම් බවයි.
පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය පිළිබඳව කණගාටුව පළ කරන බවත් ඒ සඳහාමූලිකත්වය ගත් පිරිස අත් අඩංගුවට ගැනීමට සහ එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.
මේ සිද්ධි ධාමය සංවිධානාත්මක සිදු වූ බවට සාක්ෂි ඇති බව පැවසූ අමාත‍්‍යවරයා ව්‍යවස්ථාවෙන් බැරිනම් වෙනත් ක්‍රම තියෙනවා කියමින් ජනතාව ඇවිස්සීමට ඇතැම් දේශපාලක්ඥයින් කටයුතු කළ බවද කීය.
අපේ ගෙවල් වලට ගිනි තියන්න කියල ඇවිත් රජයේ වාහන පවා ගිනි තියලා තියෙනවා. මේවට කාගේ මුදල් ද වැය වන්නේ. නැවත වතාවක් මහජන මුදල් තමයි වැයවෙන්නේ. ඔබේ බදු වලින් එන මුදලින් තමයි මේ වාහන අලුත් වැඩියා කරන්න සිදු වන්නේ. පසුගිය මාස 06 ඇතුලෙම කළ ප්‍රකාශ ගන්න. ඒවගෙන් තියෙනවා මේ පෙළඹවීම.
මේ සිද්ධිදාමය 09 වනදාට පමණක් ලඝු නොකර කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගේ මිරිහාන පිහිටි නිවස වට කරමින් කටයුතු කළ පිරිසටද එරෙහිව කටයුතු කරන්නැයිදබලශක්ති අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම අර්බුදයෙන් මාස 06න් ගොඩ එනවද නැත්නම් තවත් වසර 02කින් හෝ 3කින් ගොඩ එනවද කියන එක තීරණය කළ යුත්තේ අපියි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉවත් නොවන්නැයි අපේ පක්ෂය තීරණය කර තිබුණද එතුමා එම තීරණය ගත්තා. සුදුසු කෙනෙකුට මෙය භාර ගන්න කීවත් කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඊටත් කොන්දේසි දැම්මා'' යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කිය.