පවතින ඉන්ධන ගැටළුව පිළිබඳව පැහැදිළි කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අද සවස වන විට 1190 වූ ඉන්ධන පිරිවුම්හල් වෙත අඛණ්ඩව ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලබාදීමට කටයුතු කරන බව ද මේ වනවිටත් ප්‍රේට්‍රල් නෞකාවක් පවතින බවත් එම ඉන්ධන මිල දී ගැනීමට මේ අවස්ථාවේ අවශ්‍ය ඩොලර් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
එම නෞකාව සඳහා මීට පෙර සිදු කළ සැපයීමක් වෙනුවෙන් ඩොලර් මිලියාන් 53ක මුදලක් ගෙවීමට තිබෙන බවද කී අමාත්‍යවරයා, ඊයේ දවසේ මහබැංකුව ලාබාදුන් නිශ්චිත ගෙවීම් කාලසටහනක් අනුව, දැන් මුදල ගෙවිමෙන් පසුව ඉන්ධන නිදහස් කරන බවට නෞකාව ප්‍රකාශ කර තිබෙන පැවසීය.
''ඩීසල්වලට ගැටළුවක් නෑ. පෙට්‍රල් සඳහා පොලීම්වල රැදී සිටින්න එපා.'' යැයි පැවසූ අමාත්‍යවරයා, අත්‍යාවශ්‍ය සේවා සඳහා සීමිත තොග බෙදා හැරීමට සිදු වන බවත් ඒ සඳහා කණගාටුව පල කරන බවත් අද සහ හෙට දින පොලිම්වල රැදී නොසිටන ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.