රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝක බැංකුවෙන් ලබා දෙන ණය ආධාර ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවිය නොහැකි බවත් ඒ පිළිබඳ ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතු බවත් කීය.
අද වන විට ඖෂධ 14 ක් නොමැති බවත් ඒ සඳහා හුස්ම යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක බව පෙන්වා දුන් අගමැතිවරයා තානාපති කාර්යාල හරහා උදවු ලබා ගනිමින් එම බෙහෙත් වර්ග ලබා ගැනීමට එක්වන්නැයි අගමැතිවරයා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි අතර එම වැඩසටහනට සහය වෙමින් අත්‍යාවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට තමා සහය වන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ දේපළ සහ නිවාස ගැනි තැබීම් වැනි ක්‍රියා 88-89 කාල සීමාවේදී මෙවැනි තත්වයක් ඇති වූ බවද කී අග්‍රාමාත්‍යවරයා, මෙමගින් පාර්ලිමේන්තු නියෝජිතයින් දේශපාලනයට ඒමටද බිය වන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.