පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ලංගම සහ දුම්රිය සේවා අඛණ්ඩව

    මැයි 18, 2022

    මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සහ අධ්‍යන හා අනධ්‍යන ගුරු කාර්ය මණ්ඩල නිළධාරීන් වෙනුවෙන් ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව තම සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වී.එස්.පොවත්තගේ සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලී රණවක යන මහත්වරු අද (18) ප්‍රකාශ කළහ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔවුහූ මේ බව පැවසූහ.

    වෙනත් කාලවල දී පවත්වන විභාග මෙන් නොව මෙවර දරුවන්ට ඉතා අසීරු අවස්ථාවක, රටේ දැඩි අර්බුදකාරී වාතාවරණයක සිට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුව ඇති බවත්, වෙනත් දිනවලට වඩා ගමනාගමන මණ්ඩලයේ වගකීම් වැඩි ව ඇති බවත්, ඉන්ධන නොමැතිකම ආදී කරුණු නිසා විභාගයට යන දරුවන්ට සහ විභාග කාර්යය මණ්ඩල නිළධාරීන්ට නිසි වෙලාවට විභාග මධ්‍යස්ථානයට යාමේ දුෂ්කරතා ඇති වීය හැකි බැවින් මේ වන විට සියළු විභාග මධ්‍යස්ථාන වල ලැයිස්තු ගමනාගමන මණ්ඩලය සතුව තිබෙන අතර එම ලැයිස්තු ප්‍රාදේශීය කළමනාකරුවන් හරහා ඩිපෝ කළමනාකරුවන් වෙත ලබා දීමට කටයුතු තිබෙන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

    එමෙන්ම, විභාග කාල සටහන් වලට අනුව එකී විභාග මධ්‍යස්ථාන සඳහා සිසු දරුවන්ට විභාග මධ්‍යස්ථාන වලට යාමටත්, ඉන්පසු නිවෙස් වෙත යාමටත් අතිරේක බස්රථ ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.

    ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල දී කිසිඳු අපහසුතාවයකින් තොරව සහ මානසික පීඩනයකින් තොරව විභාගයට මුහුණ දීමසඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බවත් ලංගම සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටින ලදුව,විභාග කාර්යමණ්ඩල නිළධාරීන් වෙනුවෙන් ලංගම ඩිපෝ වලට අයත් ඉන්ධන වලින් කොටසක් ලබා දීමට විභාග කොමසාරිස්වරයාගේ ඉල්ලීම මත කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙවන් විටෙක ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරනු ලබන අතර අර්බුදකාරී වාතාවරණය හමුවේ යාමට තිබෙන පළමු දුම්රියෙන්ම තම ගමන් පහසුව සලසා ගන්නා ලෙසත්, එහෙත් මේ දිනවල කාර්යාල දුම්රිය වෙලාවල් වල දී දුම්රිය තුළ විශාල පිරිසක් ගමන් කරන නිසා පාසල් දරුවන් පාපුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙසත් පොල්වත්තගේ මහතා විසින් මෙහි දී දැනුම්දෙනු ලැබීය.

    එමෙන්ම, අතරමඟ දී දුම්රියක් පැමිණීමට යම් හෙයකින් ප්‍රමාද වුවහොත් ඊළඟට පැමිණෙන ශීඝ්‍රගාමී දුම්රියෙන් හෝ පාසල් දරුවන් සිටී නම් ඔවුන්ට ගමන් පහසුකම් සලසා දීමට අවශ්‍ය උපදෙස් දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් ලබා දී ඇති බව ද  මෙහිදී ප්‍රකාශ කළේය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya