පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    මෙරටට ඉන්ධන සැපයීමට යෝජනා ඉදිරිපත් කර තිබු සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා

    මැයි 19, 2022

    විවිධ ක්‍රමවේද යටතේ මෙරටට ඉන්ධන සැපයීමට යෝජනා ඉදිරිපත් කර තිබු සැපයුම්කරුවන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා (17) බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණි .

    මේවන විට රටේ ඉන්ධන සම්බන්ධයෙන් පවතින අර්බුදයට පිළියමක් ලෙස මෙරටට විවිධ ක්‍රමවේද යටතේ ඉන්ධන සැපයුම් සිදු කළ හැකි බවට පසුගිය සති හතරේදී යෝජනා 67ක් විවිධ පාර්ශව ඉදිරිපත් කර තිබුණි.

    එම යෝජනා සියල්ල ඛණිජ තෙල් සංස්ථාවේ නිළධාරී කණ්ඩායමක් මගින් පරික්ෂා කළ අතර එයින් යෝජනා 39ක් රටේ ඉන්ධන ප්‍රමිති අවශ්‍යතාවට ගැලපෙන, මිල ක්‍රමවේද වලට ගැලපෙන සහ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනා ලෙස හදුනාගෙන ඇත.

    එම සාකච්ඡාවේ දී ඉන්ධන ඇනවුම් කිරීමට අදාලව ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආනයනය සිදු කළ හැකි ක්‍රමවේද සහ එම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් කළ හැකි ක්‍රමවේද පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත්, ඔවුන්ට එම සැපයුම් පිළිබඳව මතු වූ ප්‍රශ්න සම්බන්ධව අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙන ලදි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya